BREAKING NEWS
Search

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

126

අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට පොලීසියේ සියලූම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මැයි මස 31 වන දා දක්වා එය බලපැවැත්වෙන බවය.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට රජය විසින් අද රාත්‍රීයේ සිට පළාත් අතර සංචරණ සිමා පනවා තිබේ.

ඒ සඳහා පොලිස් නිලධාරීන්ගේ සහය අත්‍යවශ්‍ය ව ඇති බැවින් එම තීරණය ගත් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

හුදකලා කර නොමැති ප්‍රදේශයක සිටින පොලිස් නිලධාරීන් සියලුදෙනා රාජකාරියට වාර්තා කළ යුතු බවත්, යම් නිලධාරියෙක් හුදකලා කළ ප්‍රදේශයක සිටී නම් හුදකලාභාවය අවසන් වන තුරු රාජකාරියට වාර්තා කළ යුතු නැති බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *