BREAKING NEWS
Search

ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ඉන්දියාවේදී කොරෝනා වසංගතයෙන් මිය ගිහින්

166

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා mawbima.lk වෙබ් අඩවියට පැවසුවේ, නවදිල්ලියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු සහ රාජස්ථාන්හිදී ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කොරෝනාවෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවය.

රාජස්ථාන්හිදී මරණයට පත්වූ එක් පුද්ගලයෙකු ආයුර්වේද වෛද්‍යවරයෙකු බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදී විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් සුළු පිරිසක් ඉන්දියාවට ගොස් සිටින බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශයේ කොවිඩ් මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීබන් මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ, මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවය.

කෙසේ වෙතත්, ඔවුන් දූරස්ථව සිය රාජකාරි කටයුතුවල නිරත වන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල උප කාර්යාල සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවය.

මේ අතර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවසුවේ, විවිධ හේතු මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා බවය.

Mawbima.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *