BREAKING NEWS
Search

උපන්දින සාදයට එක්වූ 25ක් නිරෝධායනයට

151

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මඩකලපුව, කොට්ටමුණේ ප්‍රදේශයේ නිවසක පැවැත්වූ උපන්දින සාදයක් වැටලීමට මඩකලපුව මූලස්ථාන පොලීසිය ඊයේ (10) කටයුතු කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, සාදය සංවිධාන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සාදයට සහභාගිවූ 25දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බවය.

මේ අතර, මඩකලපුව නගරයේ සෞඛ්‍ය නීති අනුගමනය නොකළ 110දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් මඩකලපුව මහත්මා ගාන්ධි උද්‍යානයේ දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කෙරුණි.

එහිදී කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගත් බව මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේය.

මේ අතර, නිරෝධායන නීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැලඳ සිටි පුද්ගලයින් 548 දෙනෙකු ගතවූ පැය 24 තුළදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර අදත් නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *