BREAKING NEWS
Search

කොවිඩ් කියා දැන දැනත් ලන්ඩන් ඕලෙවල් විභාගයට පැමිණි සිසුවා

146

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොවිඩ් ආසාදිත 14 හැවිරිදි සිසුවකු කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ලන්ඩන් ඕලෙවල් විභාගයට පෙනී සිටීම සඳහා රැගෙනවිත් තිබේ.

එම දරුවා විභාග මධ්‍යස්ථානයට රැගෙන පැමිණි මාමාට එරෙහිව නිරෝධායන පනත යටතේ න’ඩු පැවැරූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කරයි.

එම සිසුවාට මෙන්ම පියාට,මවට සහ සහෝදරියට ද කොරෝනා ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබියදීත් ඒ ආකාරයට විභාගයට පෙනී සිටිම විශාල වරදක් බව ද සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

වස්කඩුව ප්‍රදේශයේ පදිංචි මාමා මත්තේගොඩ පදිංචි මෙම දරුවා ද රැගෙන යතුරු පැදියකින් විභාග මධ්‍යස්ථානයට පැමිණ තිබෙන බව අනාවරණය කර ගෙන තිබේ.

එම දරුවා විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව නිවෙසට ගොස් ඇත. සිසුවාට කොරෝනා ආසාදනය වී ඇති බවට දන්නා වෙනත් සිදුවකු ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇත.

Aruna.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *