රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බණ්ඩාරගම, ගුංගමුව ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට සූදූ ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 08 දෙනෙකු අ ත්අඩංගුවට ගැනීමට බණ්ඩාරගම පොලීසිය පියවර ගෙන තිබේ.
මෙම සූදූ ක්‍රිඩාව සඳහා සහභාගී වූ පුද්ගලයින් තිදෙනෙකුගේ නිවෙස් නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගැනුණි.
මේ අතර, කළුතර දිස්ත්‍රික්කයට අයත් බෝඹුවල ග්‍රාම නිලධාරී වසම පසුගිය 4 වනදා උදෑසන සිට හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේ එම ප්‍රදේශයෙන් ආසාදිතයින් බහුලව හමුවීම හේතුවෙනි.
කෙසේවෙතත් අද (06) පස්වරුව වනවිටත් එම ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමට අදාළ බලධාරීන් කටයුතු නොකිරීමෙන් ප්‍රදේශවාසීන් සාමාන්‍ය පරිදි සිය දෛනික කටයුතුවල නිරතව සිටින අයුරු දැකගත හැකිවිය.
මේ අතර ගාල්ල, බද්දේගම ඉඳිගස්කැටිය ප්‍රදේශයේ පිහිටි සේවකයින් 680ක් පමණ සේවය කරන කර්මාන්තශාලාවක් අද දිනයේ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බද්දේගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී. නවරත්න මහතා සඳහන් කළේය.
මේ අතර හුදකලා කර තිබී , පසුව එම තත්ත්වය ඉවත් කළ ඇළහැර “සරුබිම බටුහේන තිහ” ගම්මානයේ පවුල් තිස්තුනකට, රජය ලබාදෙන රුපියල් දසදහසේ සහන මල්ල ලබා නොදී ඒ වෙනුවට රුපියල් දහසක සහන මල්ලක් ලබාදීම පිළිබඳව ගම්වාසීන් සිය විරෝධය පළකරයි.
Adaderana.lk

















