ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ නොමැතිකමින් අනුරාධපුර කොවිඩ් ආසාදිතයින් 100 ක් තවම නිවෙස්වල

260

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 100 දෙනෙකු පමණ මේ වනතෙක් රෝහල්ගත කර නොමැතිව නිවෙස් තුළ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා අනාවරණය කළේ, “අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත් දැනුම් දීලා පුළුවන් තරම් අයව මධ්‍යස්ථානවලට යවමින් පවතිනවා. ඉඩ පිළිබඳ ප්‍රශ්න නිසා දැනට 100කට ආසන්න පිරිසක් ගෙවල්වල ඉන්නවා. අපි නිරන්තරයෙන් ඔවුන් පිළිබඳ සොයා බලනවා,” යනුවෙනි.

අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් තල්ගස්ගොඩ සහ ගොඩහේන ග්‍රාම සේවා වසම් දෙකත් මේ වනවිට හුදකලා කර තිබෙන අතර එම ප්‍රදේශවල ජනතාවගේ සංචරණය වැළැක්වීම සඳහා මාර්ග පස්දමා අවහිර කොට තිබුණි.

Adaderana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *