BREAKING NEWS
Search

ඔබටත් හතලිස් ඇදිරියද ?

365

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වයස 40 පනිනකොට ඇස්වල දුර්වලතා හටගැනීම ස්වභාවිකයි. මේක සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ හතළිස් ඇඳිරිය කියලායි. දෑසේ ඇති වන තද වේදනාවක්, දෑස්වල ඇති වන දැවිල්ලක් හතළිස් ඇඳිරිය ඇති වූ අයෙකු තුළ දැකිය හැකි වෙනවා. එවැනි අවස්ථාවලදී කණ්ණාඩියක් පාවිච්චි කිරීමට සිදුවීම අනිවාර්ය වෙනවා. ඒ වගේම අක්ෂි සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණගැසීමත් නුවනට හුරුයි. මේ කියන හතළිස් ඇඳිරිය ඇතිවීමට බලපාන හේතු ගැනයි අද අපි කතා කරන්නේ.‍

වයසත් සමඟ හෝමෝනවල වෙනස්කම් සිදුවීම

මැදි වයසට පැමිණෙන විට සිරුරේ සිදුවන හෝමෝනවල වෙනස්කම්වල බලපෑමෙන් මෙම තත්වය උදාවිය හැකියි.

ඖෂධ වර්ගවල බලපෑම

ඇතැම් ඖෂධ වර්ගවල බලපෑම නිසාත් දෙනෙතේ තිබිය යුතු තෙත් ස්වභාවය නැති වී යන්න පුළුවන්. වේදනා නාශක පමණට වඩා භාවිතා කිරීම, මානසික ගැටලු, දියවැඩියා රෝගය සහ අධි රුධිර පීඩනය වැනි රෝග වෙනුවෙන් නිර්දේශ කරන ඇතැම් ඖෂධ වර්ග මෙම තත්වයට හේතු වෙනවා.

සිරුරට ලැබෙන පෝෂණය අඩුවීම

ටික ටික වයසට යනකොට බොහෝ දෙනෙක් ගුණවත් ආහාර ලබාගැනීම මඟ හරිනවා. නිසි පෝෂණයක් නොලැබෙන විටත් හතළිස් ඇඳිරිය ඇතිවීම ඉක්මන් වෙනවා. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර ගණයට වැටෙන අධික ලුණු, සීනි හෝ තෙල් සහිත ආහාරවලින් ඔබ වැළකිය යුතුයි. එමෙන්ම කෘතිම රසකාරක යෙදූ ආහාර වලිනුත් ඈත්වෙන්න. විටමින් ඒ සහ සී අඩංගු නැවුම් පළතුරු, එළවලු සහ කොළ වර්ග ආහාරයට ගැනීම වැඩිකරන්න.

මත්ද්‍රව්‍ය භාවිතය

දුම්වැටි සහ මත්පැන් භාවිතා කිරීමත් ඔබේ දෙනෙත්වලට හානි කරනවා.

පෙර කළ අක්ෂි ශල්‍යකර්ම

අවුරුදු 40 වීමට පෙර කිසියම් හෝ හේතුවක් නිසා ඔබ අක්ෂි ශල්‍යකර්මයකට මුහුණ දුන්නේ නම් මෙම තත්වය ඇතිවීම ඉක්මන් විය හැක.

දූවිල්ලට නිරාවරණය වීම

ඔබ නිතරම ගැවසෙන්නේ දුවිලි පිරුණු පරිසරයක නම් ඔබේ දෙනෙත් වල වියලි බවක් ඇතිවෙන්නට පුළුවන්. එමඟින් හතළිස් ඇඳිරිය ඇතිවීම ඉක්මන් වෙනු ඇත.

අව් කණ්ණාඩි නොපැළඳීම

දැඩි හිරුඑළිය දෑස්වලට හානිකර බව හොඳින්ම දැනසිටියත් අව් කණ්ණාඩියක් පළඳින්නට උනන්දු වන්නේ කීයෙන් කී දෙනාද? දැඩි හිරුරුස්වලින් ඔබේ දෙනෙත් ආරක්ෂා කර ගැනීම පිණිස අව් කණ්ණාඩි පැළඳීම කෙරෙහි උනන්දු වන්න.

පරිගණක සහ ජංගම දුරකථන තිර

වැඩිවෙලාවක් පරිගණකය දිහා බලාගෙන ඉන්න එක දෙනෙත්වලට හානිදායකයි. පරිගණක භාවිතයේදී පළඳින්නට වෙනම කණ්ණාඩි වර්ග තිබෙනවා. ඒ වගේම අඳුරේ සිට මෙම තිර දිහා බලාගෙන ඉන්න එක දෙනෙත්වලට හානිදායකයි. බොහෝ දෙනෙක් නිදි ඇඳේ ඉන්න ගමන් කළුවරේම ජංගම දුරකථනය භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. එම පුරුද්ද ඉතා අහිතකරයි.

දේශය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *