BREAKING NEWS
Search

ප්‍රාදේශීය ලේකම්වරු කිහිපදෙනෙක්ටත් කොවිඩ්

244

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

හම්බන්තොට, සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාට කොවිඩ් ආසාදනය වී තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ ආශ්‍රිතයින් වූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 48 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

එමෙන්ම ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම්වරයාටත් කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මීට අමතරව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියාටත් කොවිඩ් ආසාදනයවීම නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්වරයා ද මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මේ හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් අද (05) රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවන් සඳහා යොමු කෙරුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *