2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ගණිත අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට යාපනය චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ ටී. සුන්දරභවන් සිසුවා සමත්වී ඇත.
කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දෙහිවල ප්‍රෙස්බිටේරියන් කාන්තා විදුහලේ චමල්කා සෙව්මිණි සමත් වූවාය.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද සවස නිකුත් වී තිබුණි.
මේ අතර, වාණිජ අංශයෙන් දිවයිනෙන් ම ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ අමන්දි මදනායක සිසුවිය සමත් වූවාය.



















