BREAKING NEWS
Search

රන්ජන් සමාව ඉල්ලන ලියුමට අස්සන් කර ලියුම සජිත්‌ට බාර දෙයි

333

අධිකරණයට අපහාස කිරීමේ ‌‌චෝදනාවට වැරදිකරු වී වසර 4ක බරපතළ වැඩ ඇතිව අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව ලබා ගැනීමේ පත්‍රිකාවට අස්සන් තබා ඇත.

ඒ අනුව එම ලියකියවිලි නීතීඥ අශාන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (03) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත බාර දී තිබේ.

එම ලියකියවිලි ඉදිරි දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂනායකවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති දුරකතන සාකච්ජාවකින් පසු ලිඛිතව එම ඉල්ලීම කරන ලෙසට ජනාධිපතිවරයා කළ දැනුම් දීමට අනුව මෙම ලිපියට අස්සන් තැබීමට රන්ජන් රාමනායක මහතා කටයුතු කොට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *