BREAKING NEWS
Search

අද කොවිඩ් ගැන පාර්ලිමේන්තු විවාදයක්

126

කොවිඩ් -19 වසංගත තත්ත්වය පිළිබඳ අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ විවාදයක් පැවැත්වීමට නියමිතය.

විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබුණි.

ඒ අනුව විපක්ෂයේ යෝජනාවක් මත කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයක් අද පෙරවරු 11.00ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඊට අමතරව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝගයක් මෙන්ම වැට් බදු සම්බන්ධව පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත සම්මත කරගැනීමට ද නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර හෙට දිනයේ දී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පෙරවරු 10.00 සිට රාත්‍රී 8.00 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *