සාද පවත්වන්නන්ට වැඩ වරදී

116

නිරෝධායන රීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව පසුගිය පැය 24ක කාලය තුළ පුද්ගලයින් 218 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පසුගිය වසරේ ඔක්තෝබර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීති කඩකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 5075කි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දෙන්නේ අද දිනයේදීත් ඒ සම්බන්ධ වැටලීම් සිදු කිරීමට නියමිත බවය.

විශේෂයෙන් සාද පවත්වන්නන්, මත්පැන් සහ මත්ද්‍රව්‍ය සහිතව විවිධ ආකාරයේ රාත්‍රී භෝජන සංග්‍රහ පවත්වන පුද්ගලයින් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙන බවද ඒ මහතා පැවසීය.

නිල ඇඳුමින් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඒ සඳහා යොදවා ඇති බවද අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *