BREAKING NEWS
Search

ශ්‍රී ලංකාවට මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය අවශ්‍ය යි – සජිත් රුසියාවෙන් උදවු ඉල්ලයි

135

රට තුළ පවතින කොවිඩ් අවදානම හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා ගැනීමට රුසියා‍වේ සහය ඉල්ලා සිටියේ ය.

ඒ, අද (03) විපක්ෂ නායක කාර්යාලයේ දී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සමඟ සිදු කළ සාකච්ඡාවක දී ය.

එහි දී අදහස් දැක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

“ශ්‍රී ලංකාවට මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවේ සහය අවශ්‍ය යි. කොවිඩ් අවදානම හමුවේ ජංගම රෝහල් ඉදිකිරීමට, PCR යන්ත්‍ර වැඩි කිරීමට සහ ICU ඇඳන් මෙන් ම ශ්වසන උපකරණ ඇතුළු සෞඛ්‍ය උපකරණ මේ මොහොතේ අපට අවශ්‍යයි. මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණත් අපට අවශ්‍ය කරන සෞඛ්‍ය උපකරණ ලබා ගැනීම සඳහා රුසියාවේ සහය ලබා ගැනීමයි. මේ වන විට ICU ඇඳන්වල හිඟයක් පවතිනවා. රෝහල් වල ICU ඇඳන් රෝගීන්ගෙන් පිරිලා. ඇතැම් රෝහල්වල රෝගියෙක්ට සාමාන්‍ය ඇඳක්වත් නැති තත්ත්වයක්. ඒ කොවිඩ් රෝගීන් නිසා. මේ වන විට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි පැතිර යන ඩෙංගු රෝගයත්. කොවිඩ් අවදානමත් සමඟ ඩෙංගු රෝගයත් හිස එසෙව්වොත් බෝ නොවන රෝගීන්ටත් රෝහල්වල ඇඳන් හිඟයක් පවතිනවා.”

එහි දී අදහස් දැක් වූ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා,

“මම නැවතත් මොස්කව්වලට දන්වන්නම්. අප ඔබගේ රජයත් සමග සම්බන්ධ වෙලා තියෙනවා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *