BREAKING NEWS
Search

ත්‍රි රෝද රථවලින් ගේම් ගහලා හමාරයි

154

දිවයින පුරා තිබෙන ත්‍රිරෝද රථවල දත්ත ගබඩා කිරීමට අන්තර්ජාල යෙදවුම් නිර්මාණය කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකගේ අදහසකට අනුව මෙම යෙදවුම නිර්මාණය කර තිබේ.

ඕනෑම ත්‍රිරෝද රථයක හිමිකරුගේ නම, දුරකථන අංකය, චැසි අංකය සහ දැනට කුලී රථ සේවාවක යෙදේ නම් එහි විස්තර එම යෙදවුමේ සටහන් කිරීමට පියවර ගෙන තිබේ.

එම යෙදවුමට ඇතුළත් වූ ත්‍රිරෝද රථයක් හඳුනා ගැනීමට පහසු වන අයුරින් කිව් ආර් කේතයක් ත්‍රිරෝද රථයේ සටහන් කිරීමට පියවර ගැනිණි.

එමගින් යම් අයුරකින් ත්‍රිරෝද රථයක් අප රාධයකට සම්බන්ධ බව හැඟී ගියහොත් සැණෙකින් එම ත්‍රිරෝද රථයේ විස්තර පොලිස් ස්ථානවලට ලබාගැනීමට හැකිවීම මෙහි ඇති වැදගත්කමයි.

හේමන්ත ලියනපතිරණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *