උද්ගතව ඇති වසංගත තත්ත්වය හේතුවෙන් අමුත්තන් නිවෙස් වෙත ගෙන්වා ගැනීමෙන් වැළකී සිටින ලෙස යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
‘මව්බිම්’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, රටෙහි පවතින තත්ත්වය මත පිටස්තර පුද්ගලයින් නිවෙස් වෙත ගෙන්වා ගැනීම භයානක තත්ත්වයක් බව ය.
ඒ හේතුවෙන් යුද්ධ හමුදාපතිවරයා මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, අමුත්තන් නිවෙස් වෙත ගෙන්වා ගැනීමෙන් වැළකී සිටින ලෙසය.
“ගෙදරට පිට කෙනෙක් එනවා කියන එකත් භයානක තත්ත්වයක්. සාද සහ උත්සව ඔක්කොම හෝටල්වල තහනම් කරාට පස්සේ, දැන් නිවෙස්වල සමහර අය ඒ දේවල් කරන්න සූදානම් කරගෙන යනවා. ඒකෙත් කිසි ම වෙනසක් නැහැ. ඒ නිසා මේ දේවල්වලින් වළකින්න. විකල්ප හොයන එක මේකට පිළියමක් නෙමෙයි,” යැයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ය.
තාරක සම්මාන්
Source – මව්බිම

















