BREAKING NEWS
Search

එන්නත විදගත් 75කටත් කොරෝනා

839

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් මෙරට පුද්ගලයන් 65-75 ත් අතර ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

දැනට ලැබී ඇති වාර්තාවලට අනුව ඒ බව තහවුරු වී ඇතැයි ඒ මහකා සදහන් කළේය.

එමෙන්ම පවතින තත්ත්වය යටතේ අද හෙට දෙවෙනි මාත්‍රාව ඉන්දියාවෙන් මෑතකදී ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයිද ඒ මහතා සඳහන් කරයි.

ඉන්දියාවට දැනට බලපා ඇති දැඩි වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවත්, එනිසා එම එන්නත මෑතකදී ලැබේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

උපුටා ගැනීම – මවුරට නිවුස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *