BREAKING NEWS
Search

සහන මල්ලට නව භාණ්ඩ කිහිපයක් සමග නැවත සතොසේ

139

නව භාණ්ඩ කිහිපයක් සමගින් සතොස සහන මල්ල ලබා දීමේ දෙවන අදියර හෙට (මැයි 2) සිට ක්‍රියාත්මක බව වෙළඳ අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, එම සහන මල්ල දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ලබා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.

සතොස සහන මල්ල-2 වැඩසටහනේ පවතින භාණ්ඩ පහත පරිදි වේ.

සම්බා සහල් – 1Kg

නාඩු සහල් -1Kg

පිටි -1Kg

ඔස්ට්‍රේලියන් රතු පරිප්පු – 1Kg

තායි හාල්මැස්සන් – 200g

සුදු සීනි – 1Kg

විෂබීජ නාශක දෑත් සෝදන දියර – 50ml

තේ අලෙවි මණ්ඩලයේ සහතිකය සහිත තේ – 100g

සෝයා – 50g

කෑලි මිරිස් 100g

මේ අතර රුපියල් දහසක මුදලකට මෙම සහන මල්ල ලබා ගන්නා පාරිභෝගිකයන්ට ජාතික කිරි මණ්ඩලයේ නිෂ්පාදනයක් වන හයිලන්ඩ් කිරිපිටි

පැකට් 1ක් වෙළෙඳපොල පවත්නා මිළට වඩා අඩු මිළකට ලබා ගැනීමේ අවස්ථාව සලසා ඇති බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *