අද (මැයි 1) සිට සති දෙකක කාලයක් රාත්‍රී 10.00න් පසු රාත්‍රී සමාජ ශාලාවල සිදු කරනු ලබන සියලු ම ක්‍රියාකාරකම් සහ හෝටල් වල මහ ජනතාව රැස් වන සියලු ම ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.
යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, ඊට පබ්, සාද, හමුවීම් වැනි මහ ජනතාව රැස් වන සියලු ම ක්‍රියාකාරකම් ඇතුළත් බවය



















