ශ්‍රී ලංකා පොලිස් ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ව්‍යාජ පත්‍රිකාවක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම පත්‍රිකාව පොලීසිය විසින් නිර්මාණය කළ පත්‍රිකාවක් නොවන බැවින් එම පත්‍රිකාවේ තොරතුරු සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය වගකීම භාර නොගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම ව්‍යාජ පත්‍රිකාව නිර්මාණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය විසින් විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
එම ව්‍යාජ පත්‍රිකාව පහතින් දැක්වේ…..



















