පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කළ වෛ’ රස සහ බැ’ක්ටීරියා නා’ෂක විශේෂිත මුහුණු ආවරණය මහජනතාවට මිලදී ගැනීම සඳහා අද (28) සිට වෙළඳපලට නිකුත් කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
රුපියල් 200 ක සිල්ලර මිලක් නියම කර ඇති මෙම විශේෂ මුහුණු ආවරණය සෝදා පිරිසිදු කිරීමෙන් 25 වතාවක් භාවිතයට ගත හැකි බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙම මුහුණු ආවරණය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ තවත් නිර්මාණයක් වන නව PCR පරි’ ක්ෂණ කට්ටල ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය වෙත හඳුන්වාදීම ඊයේ සිදුකෙරුණා.
මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කර ඇති නව PCR පරික්ෂණ කට්ටලය මේ වන විට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබෙනවා.
එම අනුමැතිය ලැබුනු පසුව පේටන්ට් බලපත්‍රය සහිතව කඩිනමින් එම PCR පරික්ෂණ කට්ටල වෙළෙඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය රුචික ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.
ඒ පිළිබඳව සහ නව මුහුණු ආවරණය වෙළඳපලට නිකුත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළා.


Colombo Times

















