BREAKING NEWS
Search

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වේ

219

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වී තිබෙනවා. අද දිනයේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1451ක් බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 104,938ක් වන අතර රෝහල් ගතව සිටින සංඛ්‍යාව 9,194ක් වනවා. සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95083ක්.

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *