BREAKING NEWS
Search

එක්සත් අරාබි එමීරයේ ප්‍රථම කාන්තා ගගනගාමිනිය

150

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එක්සත් අරාබි එමීරය සිය ඉදිරි අභ්‍යවකාශ වැඩසටහන් සඳහා සහභාගි වන ගගනගාමින් දෙදෙනෙකු නම් කිරීමට පසුගියදා පියවර ගත්තේය. ඒ අතර එරට පළමු වැනි කාන්තා ගගනගාමිනියකද වන බව පැවසෙයි. එමීර පාලකයා වන අගමැතිවරයා සහ උප ජනාධිපතිවරයා වන ෂයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටොයුම් විසින් මෙම නම්කිරීම සිදුකර තිබ්.ඒ අනුව එක්සත් අරාබි එමීරය පළමුවැනි කාත්තා ගගනගාමියා ලෙස නොයුරා අල් මාට්‍රොයුෂි නම් තැනැත්තිය නම් කෙරී තිබේ.

එසේම මොහොමල් අල් මුල්ලා නමැත්තා අනෙක් ගගනගාමියා ලෙස නම් කෙරී ඇත. මේ සඳහා ඉදිරිපත් වුණු අයැදුම්පත් 4000කට වඩා වැඩි ප්‍රමාණයකින් ඔවුන් දෙදෙනා තෝරාගත් බව බලධාරින් පවසයි. තෝරාගත් දෙදෙනා ඉදිරියේදී එක්සත් ජනපදයේ හූස්ටන්හි පිහිටි නාසා ආයතනයට අයත් ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී පුහුණුව සඳහා යෙදවීමට නියමිතව ඇත. මැදපෙරදිග කලාපය තුළ අභ්‍යවකාශ මෙහෙයුම් හි වඩාත් සාර්ථක ඉදිරි ගමනක් සහිත රටක් ලෙසට එක්සත් අරාබි එමීරය හඳුනාගෙන ඇත. ඔවුන් අඟහරු කක්ෂය වෙත කක්ෂගත කළ අභ්‍යවකාශ යානය පසුගිය පෙබරවාරි මාසයේදී සාර්ථකව ඒ වෙත ළඟාවිය. එසේම වසර 2024දී මිනිසුන් රහිත යානයක් සඳ මත ගොඩබැස්සවීමටත් එය සැලසුම් කර ඇත. මීට අමතරව වසර 2117 දී අඟහරු මත මිනිස් ජනාවාස බිහිකිරීමේ අපේක්ශාවද එක්සත් අරාබි එමීරය සතුය.

අන්තර්ජාලය ඇසුරිනි




Leave a Reply

Your email address will not be published. Required fields are marked *