BREAKING NEWS
Search

මම නිලියක් වුනාට තාම ගෙදර යන්නේ බස් එකේ- සරාගේ අක්කා කසුනි කාවින්දි කියන කතාව

2812

ලංකාවේ ටෙලිනාට්‍ය කලාව වෙනස්ම මානයකට අරන්ගිය ටෙලිනාට්‍යක් තමයි තණමල්විල කොල්ලෙක් කියන්නේ. එම නාට්‍ය පිලිබඳ සමාජයේ විශාල කතාබහක් ඇතිවුනා ඒ වගේම ලාංකේය ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරේ මේ ටෙලිනාට්‍ය වැළඳ ගත්තා, ඒ වගේම මේ නාට්‍යයේ නළු නිළියන්ටත් ඔවුන් ගොඩක් ආදරේ කරන්න පටන්ගත්තා ඉතින් මේ ටෙලිනාට්‍යයේ හිටපු දම්මි ඔබට අමතක වෙන්නේ විදියක් නෑ.

01.

02.

03.

04.

දීප්තගේ ආදරේ ලැබෙනකන් බලන් ඉඳපු දම්මි පස්සේ වෙන කෙනෙක් සමග විවාහ වෙනවා. ඉතින් මේ දම්මි කියන චරිතයට පන පෙව්වේ දක්ෂ රංගන ශිල්පිනියක වන කසුනි කාවින්දි විසින්, මේ වනවිට කසුනි වතමානයේ ජනප්‍රියම ටෙලිනාට්‍ය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන සරාගේ අක්කා විදියට රංගනයෙන් දායක වනවා.

05.

06.

07.

08.

කසුනි කියන්නේ වේදිකාව හරහා රංගනයට පැමිණි රංගන ශිල්පිනියක් ඉතින් ඇයගේ මේ කළා දිවියට ගෙදරින් ලැබෙන සහයෝගය පිලිබඳ අපිට කිවුවේ මේ වගේ කතාවක් ”මට මේකෙන් තොර ලෝකයක් නෑ කියලා ගෙදර අය දන්නවා, හැබැයි මගේ තාත්තා නම් වැඩිය කැමැත්තෙන් නෙවෙයි හිටියේ මම මේ ක්ෂේත්‍රයට සම්බන්ද වෙනවට, නමුත් එයාලා දැනගෙන හිටියා මට පුළුවන් මේ දේ විතරයි කියලා.

09.

10.

11.

12.

මම වෘත්තීයමය රංගන ශිල්පිණියක් හැබැයි නිර්මාණ තෝරාගෙන වැඩ කරන නිසා ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙන්න ටිකක් අමාරුයි හැබැයි මම හඬ කැවීමේ ශිලපිනියක් විදිහටත් වැඩ කරන නිසා මට යැපෙන්න ඒ මුදල් ප්‍රමාණවත්, මම නිලියක් වුනා කියලා තාම මම ගෙදර යන්නේ පුරුදු විදියට බස් එකේ මම මාර ප්‍රසිද්ද චරිතයක් නෙවෙයි ඉතින් මම ඉස්සරවගේම ජීවත්වෙනවා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන කසුනි කාවින්දිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *