දුම් සහතිකය ලබා ගැනීමේදී අය කරන ගාස්තුව මත සියයට 25ක පරිසර අධිභාරයක් නව විශේෂ භාණ්ඩ හා සේවා බද්ද මගින් සියලුම පෞද්ගලික වාහනවලින් අය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ‘‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ – ආර්ථික රටාවක් කරා යන තේමාව යටතේ යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයක මේ බව සඳහන් වෙයි.
විදුලිය නිෂ්පාදනය සඳහා පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීම හරහා කාබන්කරණය සිදු කිරීම වේගවත් කර ඒ හරහා ප්‍රවාහනය, කර්මාන්ත සහ ගොඩනැගිලි ඉදිකිරීමේදී කාබන්කරණය දිරිගැන්වීම මෙහිදී සිදු කිරීමට නියමිතය.
උදයජීව ඒකනායක


















