කොවිඩ් පැතිරීම වැළක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොසලකා හරිමින් යාපනයේ හින්දු කෝවිලක පැවැත්වූ තේරු උත්සවය සම්බන්ධයෙන් අදාළ ආගමික උත්සවයේ භාරකාර මණ්ඩලයේ සභාපතිව සහ ලේකම්වරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
යාපනය වන්නාර්පන්නෙයි හි පිහිටි හින්දු කෝවිලක පසුගිය 25 වනදා එම තේරු උත්සවය පවත්වා තිබුණි.
මෙහිදී කිසිඳු මුහුණු ආවරණ පැළඳීමක් හෝ වෙනත් කිසිදු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමක් දක්නට නොලැබුණු බවත් , ඊට විශාල පිරිසක් එක්ව සිටි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.


















