මං රංගන ජීවතයෙන් විවේකයක් ගත්තේ දරුවා වෙනුවෙන්

205

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මහේෂි මධුශංකා කියලා කියන්නේ රටම ආදරය කරන ජනප්‍රිය සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් ඇය ඇය හැරගිහින් නැවතත් ඇවිත්. පහුගිය කාලයේ ඇය ටෙලිනාට්‍යයෙන් බොහෝ දෙනෙක් ඇයට ආදරය කළා.

ඉතින් මහේෂි හිටි ගමන් ඒ නාට්‍යයෙනුත් සමු ගත්තේ දෙවෙන වරටත් මව් පදවියට සුදානම් වුනු නිසායි. ඉතින් මේ දවස් වල අපිට නැවතත් පුංචි තිරයෙන් දකින්න ලැබෙන ඇය පහුගිය දවසක පුවත් පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ අලුත්ම තොරතුරු මෙන්න මේ විදිහටයි කතා බහ කරලා තිබුනේ. මේ දවස් වල ඉතින් පරිස්සමින්, සෙඛ්‍යාරක්ෂිතව ඉන්නවා. ඉතින් ඒ වගේම“ඇය” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නුදුරේදී අවසන් වුණා. තවත් අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙනවා.

ප්‍රසූත කාලය නිමවූ පසුව ඇය ටෙලි නාට්‍යයේ චරිතය නැවත මටම හිමි වුණා. මං කිරි දෙන මවක් නිසා පෝෂණ තත්ත්වය ගැන වැඩියෙන් හිතනවා. ඒ නිසා සිරුරේ හැඩය පවත්වා ගන්න විශේෂ යමක් සිදුකළේ නැහැ.

01.

02.

ඇය ටෙලි නාට්‍යයෙන් දරුවන් දෙදෙනකුගේ මවකගේ චරිතයට පණපොවන නිසා මගේ ශරීර ස්වභාවය එකී චරිතයට ගැටලුවක් වුණේ නැහැ, ඇය ටෙලි නාට්‍යයේ තිර රචනය සිදුකරන්නේ චින්තක පීරිස් මහත්මයා. එක වගේ නිර්මාණ කිහිපයක් බිහිවීමේ අවකාශය පවතිනවා. මං හිතන්නේ “ඇය” කියන්නේ යම් ආභාසයකට ලියැවුණු ලාංකික අනන්‍යතාව එක් වූ නිර්මාණයක්.

රැකියාව හා පවුල් ජීවිතය සමබර කර ගැනීමේදී ඇතැම් විට වෘත්තීය ජීවිතයෙන් තරමක් ඈත් වෙන්න සිදුවන අවස්ථාවන් තිබෙනවා. මං රංගන ජීවිතයට මඳ විවේකයක් ලබා දුන්නේ මගේ ආදරණීය දරුවා වෙනුවෙනුයි. ඒ නිසා මට ඒ ගැන අංශු මාත්‍රයකවත් දුකක් නැහැ. රංගන ශිල්පීන්ට හෝ රංගන ශිල්පිනියට රිදී තිරයටත්, පුංචි තිරයටත් කොටු වෙන්න අවකාශයක් නැහැ.

03.

මං ක්ෂේත්‍රයට පිවිසෙන්නේ චිත්‍රපටයකින්. ඒ නිසා ගොඩක් අධ්‍යක්‍ෂවරුන් මට පැවැසුවා ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න එපා කියලා. අපට චිත්‍රපටයක් හිමිවන්නේ මසකට හෝ මාස කිහිපයකට පසුවයි. චිත්‍රපටයක රඟපෑවත් එය තිරගත වීමට අවුරුද්දක්, දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගත වෙනවා.

මං චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙලා වසර 02ක් කිසිම ටෙලි නාට්‍යයක් භාර නොගෙන බලන් හිටියා. මගේ පළමු චිත්‍රපටය තිරගත වෙනකොට මං ටෙලි නාට්‍ය දෙකකට රංගනයෙන් දායක වී හමාරයි. විනෝදාංශයක් විදියට රංගන කටයුතු කරනවා නම් චිත්‍රපටවලට විතරක් කොටු වෙන්න පුළුවන්. වෘත්තීය මට්ටමේදී එකී සිද්ධාන්තය අසාර්ථකයි.

04.

05.

06.

රංගනය කියන්නේ හැදෑරිය යුතු විෂය පථයක්. ඒ වගේ ම ප්‍රවීණයන් සමග කටයුතු කරන කොට ඔවුන්ගේ දැනුම උකහා ගතයුතුයි. රිදී තිරයේ සාර්ථකවීම් පුංචි තිරයේ නොපෙනීමටත්, පුංචි තිරයේ ජනප්‍රිය තරු රිදී තිරයේ අසාර්ථකවීමේ අවස්ථාවත් අපේ කලාකරුවන්ට පමණක් පොදු කරුණක් නොවෙයි.

එයට වාසනා ගුණයත් යම්තරමින් හෝ බලපානවා. තමන්ගේ දරුවන්ගේ වගකීම තමන්ම දැරිය යුතුයි කියන මනසේ මං ඉන්නවා. කාලය කළමනාකරණය කර ගැනීම තුළ වෘත්තීය ජීවිතය වගේ ම මවගේ භූමිකාව සමබර කර ගන්න පුළුවන් කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Source – Saaravita




Leave a Reply

Your email address will not be published. Required fields are marked *