BREAKING NEWS
Search

5000 දෙපාරක් ගත් අයගෙන් නැවත අය කර ගනී

519

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

කොවිඩ් පළමු රැල්ලේ දී පීඩාවට පත්වූවන්ට රුපියල් පන්දහසක දීමනාව ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇති බව විගණන පරීක්ෂණයකින් අනාවරණය වී ඇත.

ඇතැම් පුද්ගලයන්ට නියමිත මුදලට වඩා ගෙවීම් කර තිබෙන බවට අනාවරණය වී ඇති අතර එම මුදල් එම පුද්ගලයන්ගෙන් අය කර ගන්නා ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට විගණකාධිපතිවරයා දැනුම් දී තිබේ. එම දැනුම් දීම අනුව ඇතැම් පුද්ගලයන්ගෙන් දැනටමත් වැඩිපුර මුදල් යළි අය කරගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න පැවසීය.

බස්නාහිර පළාත හැර සෙසු සියලුම පළාත්වල මෙම විගණනය කළ බවත් අනාවරණය වූ අක්‍රමිකතා නිවැරදි කරන ලෙස දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දුන් බවත් ඒ මහතා කීවේය. ඒ අනුව නිවැරදි කෙරෙන තොරතුරු යළි ලබා ගනිමින් තිබෙන බවත් කී විගණකාධිපතිවරයා ඒ සම්බන්ධ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද කීවේය.

නිලන්ත මදුරාවල
Source – Aruna




Leave a Reply

Your email address will not be published. Required fields are marked *