BREAKING NEWS
Search

අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණි බැතිමතුන් අතරින් සිදුකළ අහඹු පරීක්ෂණවලින් කොවිඩ් අසාදිතයින් හමුවේ

182

අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණි බැතිමතුන් අතරින් සිදුකළ අහඹු පරීක්ෂණවලදි කොවිඩ් 19 ආසාදනය වූ රෝගින් හයදෙනකු හමුවී ඇත.

වන්දනාවේ පැමිණි කොවිඩ් ආසාදනයවූවන් පිරිසක් මිහින්තලය කන්නට්ටිය ප්‍රදේශයේ පිහිටි මිහිඳුආරණ්‍ය සේනාසනයේ දානමය කටයුත්තකට සහභාගිවීම නිසා ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිනා හිමිවරුන් 20 නමක් ස්වයං නිරෝධානයට ලක්කර තිබෙනා බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

නිකවැරටියේ සිට අනුරාධපුර රුවන්වැලිසෑය වැඳපුදා ගැනීමට පැමිණි පිරිස මිහිඳු ආරණ්‍ය සේනාසනයට දහවල් දානය පූජාකර තිබෙන බවත් එම පිරිස රුවන්වැලි සෑය ආසන්නයේදි රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කළ අවස්ථාවේ කොවිඩ් වැලඳුණු රෝගියකු සිටි බව තහවුරු වූ බවත් සෞඛ්‍ය අංශ කියයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *