BREAKING NEWS
Search

කොරෝනා නොතැකු නුවරඑළි සංචාරකයෝ පරිසරයත් වනසයි

406

කොරෝනා අවධානම නිසා විනෝද චාරිකා නොයන ලෙස සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් කළඳ එය තුට්ටුවකට මායිම් නොකර නුවරඑළියට විශාල පිරිසක් පසුගිය දිනවල පැමිණ සිටි අයුරු දැකගන්නට ලබුණා.

එලෙස ගිය එම පිරිස පරිසරයද විනාශ කර ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. කොළඹ සිට හැටන් හරහා නුවරඑලියට පිවිසෙන ඒ 9 ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම කැලි කසල සහ ඝන අපද්‍රව්‍යය බැහැර කිරිම නිසා මාර්ගය දෙපස විශාල පරිසර හානියක් සිදුව තිබෙනවා.

ගිනිගත්හේන සිට හැටන් දක්වා , හැටන් සිට නුවරඑලිය දක්වා මාර්ගය දෙපස පසුගිය උත්සව සමයේ දේශිය සංචාරකයන් සහ මාර්ගයේ ගමන් ගත් මගීන් විසින් මෙසේ ප්‍රධාන මාර්ගය අසල කැලි කසල බැහැර කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මෙලෙස බැහැර කර ඇති කැලි කසල සහ ඝන අපද්‍රව්‍ය කපුටන් සහ අයාලේ යන සුනඛයින් විසින් ඇද දැමිම නිසා එම කැලි කසල මාර්ගය පුරා විසිරි ඇති බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *