BREAKING NEWS
Search

ඔබට කොරෝනා දැයි සැකනම් මෙන්න මේ ලක්ෂණ තියනවද බලන්න

524

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

තමන්ට කොරෝනා රෝගය වැළදී ඇති බවට යම්කිසි සැකයක් ඇත්නම් නිවෙසේදීම පහත සදහන් ක්‍රියාකාරකම් සිදු කිරීමෙන් එය හදුනාගත හැකි බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඳ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ තමන්ටම තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කරගත හැකි පරීක්ෂණ කීපයකි.

  • ඔබ තරප්පු පෙළක් මීට පෙර මහන්සියකින් තොරව නැග ආ නමුත් දැන් ඊට පසු හතිය දැනේ නම්.
  • ඔබට හුස්ම අල්ලා හඬනගා 1-10 දක්වා වත් ගිණිය නොහැකි නම් හෝ
  • ඔබ හුස්ම අල්ලා හඬනගා 1 සිට 20 හෝ 40 වැනි සංඛ්‍යාවක් ගණනය කර ඉන් පසුව කෙටි දුරක් ඇවිදීම වැනි ක්‍රියාකාරකමකින් පසු එලෙස යළි ගණනය කිරීම 1-10 ට අඩු නම්
  • වචන කීපයක් කතා කරද්දී ඔබට මහන්සිය දැනේ නම්

ඔබ කොවිඩ් පරීක්ෂණ හෝ වෛද්‍ය උපදෙස් වලට යොමුවිය යුතු බව එම වෛද්‍යවරයා ගේ උපදෙසයි.

මීට අමතරව සාමාන්‍ය කොවිඩ් රෝගලක්ෂණ කෙරෙහිද අවධානයට ගන්නා ලෙස ඔහු පවසයි.

ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම රටේ ම කොවිඩ් පාලනයට ඉතා වැදගත් ක්‍රියාමාර්ගයකි.

මෙම නව වෛරසය ප්‍රභේදය රෝගලක්ෂණ නොපෙන්වා පෙනහළු ආසාදනය කරන බැවින් මෙම ස්වයං පරීක්ෂණ ඔස්සේ එම තත්ත්වය වටහා ගැනීමට රුකුලක් වනබව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ අදහසයි.

මවුරට නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *