BREAKING NEWS
Search

නිරෝධායන රීතින් කඩ කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මකයි

225

කොවිඩ්-19 රෝගය මර්දනය සම්බන්ධයෙන් නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කිරීම පිළිබද පොලිසිය සිදු කරනු ලබන මෙහෙයුම් තවදුරටත් විධිමත් කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව වැඩිවීම සහ අනු පොකුරු නිර්මාණයවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා මෙම තීරණය ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2020 ඔක්තෝබර් 15 දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයට අනුව පොදු ස්ථානයක ගැවසෙන්නේ නම් සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන් ම මුහුණු ආවරණ පැළඳිය යුතු බවය.

කණ්ඩායම් ක්‍රියාකාරකම් කිරීමේ දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ පූර්ණ අනුමැතිය ලබා ගත යුතු අතර එම නීති උල්ලංඝනය කරන තැනත්තෙක් හෝ කණ්ඩායමක් සිටියහොත් ඔවුන්ට එරෙහිව දැඩිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

එමෙන් ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ, නිරෝධායන රීතීන් වලට පටහැනිව කිසිදු ක්‍රියාවක් සිදු නොකරන ලෙසය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *