එක මතක් කරන්න අකමැති උනත් මට නිතරම ඒක මතක් වෙනවා. මම ඩුබායි ගියා මගේ ව්‍යාපාරික වැඩකට. ඒකට ගිහිං ආවට පස්සේ තමයි මහත්තයා කිව්වේ ඕපනින් එකක් තියෙනවා යන්න ඕනේ කියලා. අපි දෙන්නගේ ෆොටෝ එක දාලා ලස්සනට හදලා එවලා තිබ්බා. මම මහත්තයගෙන් ඇහුවා සිකුරුටි ලෑස්තිද කියලා එයා කිව්වේ මේ පොඩි මනුස්සයෙක් ඇයි අපි එයාලට ෂෝ දාන්නේ කියලා. මටත් ඒ වෙලේ හිතුනා එහෙම ඕනේ නෑ කියලා
9.42 වගේ වෙනකොට අපි ඒ ස්ථානයට ගිය. අපි ගෙදරින් කිරිබත් කාලා ගියේ. වෙනදා අපි එලියට යනවා වගේ ගියේ. එක සිකුරිටි කෙනෙක් එක්කගෙන ගියා. අපි ඕපනින් එකට විනාඩි කිහිපයකට කලින් ගියේ. මට එතනට ගියහම ලොකු අමුත්තක් දැනුනා. හිස් ෆොටෝ ෆ්‍රේම් එල්ලලා තිබ්බා. මල්මාලා එල්ලලා තිබ්බා. එහෙම ඉන්ටිරියර් කරන්නේ නෑ සැලෝන් වල. මට මහත්තයාට කිසිම දෙයක් කියන්නවත් වෙලාවක් නෑ. අපි ගියාට පස්සේ තමා එයාලා පොල්තෙල් පහන තිබ්බෙත්. අපි පොල්තෙල් පහනත් පත්තු කළා
එයාලා අපිත් එක්ක ලොකුවට කතා කලේ නෑ. අපිනම් මනුස්සයෙක් එක්ක කතා කරන්නේ මුණ දිහා බලලා. එයාලා මග අරින විදිහට තමයි කතා කලෙත්. ටැටූ ෂොප් එකේ අයිතිකෙනාව දැක්කහම තිබ්බ පැහැදිලිතාවයත් නැති වුනා. හැමවෙලේම ෆෝන් එකෙමයි හිටියේ. එයා කතා කරන ඒවා කාටවත් ඇහෙන්නේ නැති වෙන්න තමයි කතා කලේ.
පොල්තෙල් පහන පත්තු කරලා අපි කිරිබත් කෑල්ලක් බෙදාගෙන කෑවා. දෙවෙනි කිරිබත් කෑල්ලත් බෙදාගෙන කෑවා. අපි කනකොට සුජිවලා ආවා. මම පොඩ්ඩක් අන්ගල් වෙලා සුජිවලට පුටුවේ ඉඩ දුන්නා. දෙවෙනි කිරිබත් කෑල්ල කටට දාගන්න හැදුවා විතරයි ශුටර්ස්ලා ඇතුලට ආවා. ආව ගමන්ම එයාට වෙඩි තියාගෙන ගියා. එහෙම්මම මං දිහා බලාගෙන වැටුනා. පලවෙනි රවුන්ඩ් එකේ වෙඩි තියාගෙනම ගියා. මටත් වැදුනා මම සෝෆා එකට වැටුනා. දෙවෙනි පාරටත් මට වැදුනා ඒත් මම බයටම සද්ද නැතුව හිටියා
සම්පුර්ණ විස්තරය දැනගන්න වීඩියෝව බලන්න



















